බලංගොඩ අබලි ද්‍රව්‍ය වෙළෙඳ සැලකින් පෙළ පොත් තොගයක්

බලංගොඩ අබලි ද්‍රව්‍ය වෙළෙඳ සැලකින් පෙළ පොත් හමුවීම සම්බන්ධයෙන් විමර්ශන

by Staff writer 18-01-2020 | 8:09 AM

COLOMBO (News 1st) - බලංගොඩ නගරයේ අබලි ද්‍රව්‍ය මිලදී ගන්නා වෙළෙඳ සැලක තිබී පෙළ පොත් තොගයක් සොයා ගැනීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, කිලෝග්‍රෑම් 500 ක පමණ බරින් යුත් 2018 හා 2019 වසරවල මුද්‍රණය කළ පෙළ පොත් තොගයක් ඒ අතර වන බවයි. ඒ සම්බන්ධයෙන් වෙළෙඳසැල් හිමියාගෙන් ඒවා අලෙවි කළ පුද්ගලයාගෙන්, විදුහල්පතිනියකගෙන් සහ ගුරුවරයෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, එම පොත් සිසුන්ට භාවිත කිරීමට නොහැකි මට්ටමක පවතින බවයි. කෙසේ වෙතත් පාසලේ පවතින අඩුපාඩු රැසක් මිලදී ගැනීම සඳහා එම පෙළ පොත් අලෙවි කර ඇති බවට ද තොරතුරු අනාවරණ විය.