TID ය නි. පොලිස්පති නුවන් වෙදසිංහ යටතට

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නි. පොලිස්පති නුවන් වෙදසිංහ යටතට

by Hashini De Mel 18-01-2020 | 12:51 PM

COLOMBO (News 1st) - පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා යටතට පත් කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කළේ, මොණරාගල කොට්ඨාසය ද බදුල්ල කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතට පත් කර ඇති බවයි. ඊට අමතරව තව ත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් අධිකාරිවරුන් ඊට ඇතුළත් ය.