නවක වධයෙන් පීඩාවට පත් සිසුන්ට සහන සැලසීමට කමිටුවක්

නවක වධයෙන් පීඩාවට පත් සිසුන්ට සහන සැලසීමට කමිටුවක්

by Staff writer 18-01-2020 | 6:21 PM
COLOMBO (News 1st) : විශ්වවිද්‍යාලවලදී නවක වධය හේතුවෙන් පීඩාවට, අසාධාරණයට හා අගතියට පත් සිසුන්ට සහන සැලසීම සඳහා ලබන සතියේ කමිටුවක් පත් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු සඳහන් කළේ, නවක වධය හේතුවෙන් 2018 වසරේ පමණක් සිසුන් 2000 ක් විශ්වවිද්‍යාල හැර ගොස් ඇති බවයි. මෙම පිරිස් සඳහා සහන සැලසීම කමිටුව මගින් සිදුකෙරෙන බව ද කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසී ය.