චීනයේ සංචාරය කරන ලාංකිකයින්ට විශේෂ උපදෙස් මාලාවක්

චීනයේ සංචාරය කරන ලාංකිකයින්ට විශේෂ සෞඛ්‍ය උපදෙස් මාලාවක්

by Staff writer 18-01-2020 | 12:10 PM

COLOMBO (News 1st) - චීනයේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ඒ, මේ දිනවල චීනයේ පැතිර යන කොරොනා වෛරසය හේතුවෙනි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දැනුම් දෙන්නේ, චීනයේ සංචාරය කිරීමේදී පොදු ස්ථානවල ගැවසෙන්නේ නම් ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරන ලෙසයි. චීනයේ සංචාරක තහනමක් පනවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය රජයට දැනුම් දී නොමැති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.