චීනයේ කොරොනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව ඉහළට

චීනයේ කොරොනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට

by Staff writer 18-01-2020 | 9:54 AM

News 1st - චීනයේ පැතිරයන කොරොනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව නිල සංඛ්‍යා ලේඛන ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බ්‍රිතාන්‍යයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ආයතනවලට උපදෙස් දෙන ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්හි ගෝලීය බෝවෙන රෝග විශ්ලේශනය පිළිබඳ මධ්‍යස්ථානය නිකුත් කළ දත්ත උපුටා දක්වමින් බිබිසි ‍ලෝක සේවය මේ බව අනාවරණය කළේ ය. එම වාර්තා පෙන්වා දෙන්නේ රසායනාගාර මට්ටමින් තහවුරු වූ දත්ත අනුව මෙම වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 41 ක් ලෙස සඳහන් වුවත් නිල නොවන දත්ත අනුව එම සංඛාව 1700 ක් පමණ විය හැකි බවයි. මෙ වන විට කොරොනා වෛරසය වැළඳීමෙන් චීනයේ වුහාන් නගරයේ රෝගීන් දෙදෙනකු මියගොස් ඇත. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධාන සඳහන් කළේ, තායිවානය සහ නේපාලය ආශ්‍රිතව මෙම වෛරසය පැතිර යාමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි.