ගුවන් මගීන්ට අනවශ්‍ය බලපෑම් කළ 9ක් අත්අඩංගුවට

ගුවන් මගීන්ට අනවශ්‍ය බලපෑම් කළ පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

by Staff writer 18-01-2020 | 6:02 PM
COLOMBO (News 1st) : කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිටවීමේ පර්යන්තය ආසන්නයේ අනවසරයෙන් රැඳී සිටි පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශය කළ මෙහෙයුමකදී ය. ඔවුන් එහි රැඳී සිටිමින් දේශීය හා විදේශීය මගීන්ට අනවශ්‍ය ලෙස බලපෑම් කරන බවට හෙළිවී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවෝ අවුරුදු 31 ත් 68 ත් අතර වයස්වල පසුවන්නෝ වෙති. ඔවුන් ආඩිඅම්බලම, මිනුවන්ගොඩ, මිගමුව, සීදූව, හතරලියැද්ද, වලස්මුල්ල සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කටුනායක පොලීසිය වෙත භාර දී තිබේ.