ගාල්ලේ ප්‍රදේශ 4 ක කසළ එකතු කිරීම ඇණහිටී

ගාල්ලේ පළාත් පාලන ආයතන 4 ක කසළ එකතු කිරීම ඇණහිටීමෙන් ජනතාවට පීඩා

by Staff writer 18-01-2020 | 7:41 AM

COLOMBO (News 1st) - ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 4 ක කසළ එක් රැස් කිරීම තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් ඒ අවට ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටි.

අප වාර්තාකරු සඳහන් කළේ, ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය, රත්ගම, හික්කඩුව සහ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල කසළ එක් රැස් කිරීම එලෙස තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. ඒ, රත්ගම, මොන්රෝවියාවත්ත කසළ ප්‍රතිචක්‍රීය මධ්‍යස්ථානයට කසළ බැහැර කිරීම තහනම් කරමින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කරන ලද තහනම් නියෝගයක් හේතුවෙනි.