ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය කසල කන්දේ ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය කසල කන්දේ ගින්නක්

by Staff writer 18-01-2020 | 3:50 PM
COLOMBO (News 1st) : කොළඹ, ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය කසල කන්දේ යළි ගින්නක් හටගෙන තිබේ. කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වන විට ගින්න මැඩපැවැත්වීම සඳහා සේවා රථ 4 ක් යොදවා ඇති බවයි. ඊයේ රාත්‍රියේ ද මෙම කසල කන්දේ ගින්නක් ඇති විය. ඔවුන් සඳහන් කළේ, පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් මෙවැනි ගිනි ඇවිලීම් සිදුවන බවයි. කොළඹ ප්‍රදේශයට පැය 22 ක ජල සැපයුම අත්හිටුවීමක් සිදුව ඇති බැවින් ගින්න මැඩ පැවැත්වීමට දැඩි බාධාවක් වී ඇතැයි කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එහි නිලධාරියෙකු සඳහන් කළේ ගින්න මැඩ පැවැත්වීම සඳහා හමුදාවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.