කොළඹට අද පැය 22 ක ජල කප්පාදුවක්

කොළඹට අද පෙරවරු 9.00 සිට පැය 22 ක ජල කප්පාදුවක්

by Staff writer 18-01-2020 | 7:10 AM

COLOMBO (News 1st) - කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9.00 සිට පැය 22 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

ඒ අනුව මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටත් කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත් අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටවනු ඇති. අඹතලේ ජල පවිත්‍රාගාරයේ වාර්ෂික නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ ය. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 10.00 සිට හෙට අලුයම 5.00 දක්වා පැය 7 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පැවසීය. ඒ අනුව දෙකේඇල, පොළොන්නරුව, එකේ ඇල, කුරුප්පු හන්දිය, රෝහල හන්දිය, ඉසිපතන ප්‍රදේශය අවට, විසි අටේ කණුව, කදුරුවෙල සහ මුස්ලිම් කොළනිය ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.