කතානායක සහ විපක්ෂ නායකවරයා අතර හමුවක්

කතානායක සහ විපක්ෂ නායකවරයා අතර හමුවක්

by Staff writer 18-01-2020 | 6:33 PM
COLOMBO (News 1st) : ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි කතානායක නිල නිවසේදී කතානායක කරූ ජයසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද පැවැත්විණ. මෙම හමුව පැයක පමණ කාලයක් පැවති බව වාර්තා වේ. එහිදී පක්ෂයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ. මේ අතර එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයින් ද කතානායක කරූ ජයසූරිය මහතා ඊයේ පස්වරුවේ හමුවී තිබේ.