අබුඩාබිහි මිය ගිය කාන්තාවන්ට වන්දි ගැනීමට සාකච්ඡා

අබුඩාබිහි රිය අනතුර: මිය ගිය ලාංකික කාන්තාවන් දෙදෙනා සඳහා වන්දි ලබා ගැනීමට සාකච්ඡා

by Staff writer 18-01-2020 | 8:24 AM

COLOMBO (News 1st) - අබුඩාබිහිදී සිදු වූ රිය අනතුරකින් මිය ගිය ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා සඳහා වන්දි ලබා ගැනීම සම්බන්ධයන් ඔවුන් සේවය කළ ආයතනය සමග සාකච්ඡා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එලෙස රිය අනතුරින් මිය ගොස් ඇත්තේ, අබුඩාබිහි ආයතනයක පිරිසිදු කිරීමේ රැකියාවක නියුතු ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය. ඔවුන්ගේ දේහයන් දිවයිනට ගෙන ඒම සඳහා එම මරණ සැකකටයුතු නොවන බවට පවුලේ සාමාජිකයින්ගෙන් ලිපියක් අවශ්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, එම ලිපිය ලද විගස එය අබුඩාබි රජය වෙත ඉදිරිපත් කරන බවයි. පසුව මියගිය කාන්තාවන්ගේ මෘත දේහයන් දිවයිනට රැගෙන එනු ඇති. අදාළ ශ්‍රී ලාංකික කාන්තාවන් ගමන් ගත් බස් රථය අනතුරට ලක්වීමෙන් එම කාන්තාවන් ඇතුළුව 06 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.