සොරබොර වැව අසල ගල්කොරිය නිලධාරීන්ගේ නිරීක්ෂණයට

සොරබොර වැවටත් අවදානමක් වූ ගල්කොරිය නිලධාරීන්ගේ නිරීක්ෂණයට

by Staff writer 17-01-2020 | 9:32 PM
COLOMBO (News 1st) : ඓතිහාසික සොරබොර වැව හා ඒ ආශ්‍රිත පෝෂණ කලාපයේ ඇති ගල් කොරියක් හේතුවෙන් ඒ අවට ජනතාව ගැටලු රැසකට මහුණ දී සිටී. ඔවුන් චෝදනා කරන්නේ ,මේ හේතුවෙන් සොරබොර වැවට ද හානි සිදුවන බවයි. අද ඒ සම්බන්ධයෙන් වග කිවයුතු අංශ රැසක නිලධාරීහු අදාළ ගල් කොරියෙහි නිරීක්ෂන චාරිකාවක නිරත වූහ. ගම්මුන් මෙලෙස මේ මාර්ගයේ ඇති කොටය ඉවත් කරන්නේ ,මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම ගල් කොරිය සතියක කාලක් සඳහා වසා දමන ලෙස කළ නියෝගයෙන් පසුවයි . මෙම ගල් කොරිය වහා නතර කරන ලෙස ඉල්ලමින් ඒ අවට ජනතාව සිදු කල විරෝධතාවයක් අතර තුර එල්ල වූ මැර ප්‍රහාරයක් හේතුවෙන් ගල් කොරියේ හිමිකරු අත්අඩංගුවට ගැණුනු අතර වගකිව යුතු නිලධාරීන් එය නිරීක්ෂණය කරන තුර වසා දමන ලෙස අධිකරණය නියෝග කර තිබිණ . ඒ අනුව අද පෙරවරුවේ මධ්‍යම පරිසර අධිකාරිය, භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ බදුල්ල නිලධාරීන්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහියංගණ ප්‍රාදේශීය සභාව, මහියංගණ පොලිස් නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් අද ගල් කොරිය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණ සිටියහ. එහිදී අදාළ නිලධාරීන් ගල් කොරිය නිරීක්ෂනය කිරීමෙන් පසු තීන්දු කෙරුණේ, ගම්වාසීන් අදාළ ගල් කොරියේ නිලධාරින් හා සියලු රාජ්‍ය අංශ වල නිලධාරීන් එකම ස්ථානයට කැඳවා මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බවයි . https://www.facebook.com/NewsfirstSL/videos/200811581091309/