සජිත් එජාප නායකත්වයට ගේන්න යෝජනාවක් සම්මත වෙයි

සජිත් එජාප නායකත්වයට ගේන්න යෝජනාවක් සම්මත වෙයි

by Staff writer 17-01-2020 | 6:52 AM

COLOMBO (News 1st): එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු පත් කරන ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමේදී ඊයේ යෝජනාවක් ඉදිරිපත් විය.

රනිල් වික්‍රමසිංහ මහතා එහිදී එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර යෝජනාව කළ මන්ත්‍රීවරුන් පිටතට නොගොස් එහි රැඳී සිට ඡන්දයක් විමසා තිබේ. එහිදි නව නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්විය යුතු බවට 52 කට 0ක් ලෙස සම්මත වී ඇති බව ද වාර්තා විය.