රන්ජන් රාමනායක අධිකරණය හමුවට

රන්ජන් රාමනායක අධිකරණය හමුවට

by Staff writer 17-01-2020 | 6:24 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය. ඒ පසුගියදා ඔහුගේ මාදිවෙල පිහිටි නිවස කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂා කළ අවස්ථාවේ ලියාපදිංචි නොකළ ගිනිඅවියක් සහ උණ්ඩ 123 සොයා ගැනීමේ නඩුවට අදාළවයි. එම නඩුව පෙබරවාරි මස 07 වන දා දක්වා කල් තැබීමට නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේ ය. විත්තිය වෙනුවෙන් නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සහ ආශා කහවත්ත මහත්මිය පෙනී සිටියහ. මේ අතර රන්ජන් රාමනායක මහතා සමග විනිසුරුවරුන්ට බලපෑම් කළ බව කියන දුරකථන සංවාද පිළිබඳ නඩුව ලබන 29 වන දා කැඳවීමට නියමිතයි. https://www.youtube.com/watch?v=QeaZhT3zpP8