ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට කෝදාගොඩ නිර්දේශ කෙරේ

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ජනපතිගෙන් නිර්දේශ

by Staff writer 17-01-2020 | 1:27 PM

COLOMBO (News 1st): අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබේ.

ජනාධිපතිතුමා ඒ පිළිබඳ සිය නිර්දේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කළ බව සඳහන් වේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ ප්‍රසන්න ජයවර්ධන මහතාගේ අභාවයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් පුරප්පාඩු වී තිබේ.