නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය අද සිට..

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය අද සිට..

by Staff writer 17-01-2020 | 9:21 AM

COLOMBO (News 1st): නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරිමට අද සිට ආරම්භ වේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කළ බව ය. ලබන මස 16 වැනිදා දක්වා ඒ සඳහා අයදුම් කළ හැකි වේ. එලෙස නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කෙරෙන්නේ 2017 වසරෙන් පසුවයි. මැතිවරණ කාලසීමාවක පක්ෂ ලියාපදිංචිය නීතිවිරෝධී බැවින් පසුගිය කාලයේ එය සිදුනොකළ බව ද ජාතික මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය. මේ වනවිට මෙරට පවතින පිළිගත් දේශපාලන පක්ෂ ගණන 70කි.