දුම්රිය දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචාවක් ගැන විමර්ශන

දුම්රිය දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචාවක් ගැන විමර්ශන

by Staff writer 17-01-2020 | 7:55 AM

COLOMBO (News 1st) : දුම්රිය දෙපාර්තමේන්තුවේ ජල පිරිපහදු ව්‍යාපෘතියකදී සිදුවූ මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා සදහන් කළේ , ගල්ගමුව සිට අනුරාධපුරය දක්වා දුම්රිය ස්ථානවල ජනතාවට පානය කිරිම සඳහා ජල පෙරන සවිකිරීමේ ව්‍යාපෘතියේදී මෙම මූල්‍ය වංචාව සිදුව ඇති බව ය. ව්‍යාපෘතිය සඳහා මුදල් ගෙවා තිබුණ ද කිසිඳු ජල පෙරනයක් සවිකර නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේ අතර , පසුගිය කාලයේ දුම්රිය දෙපාර්තමේන්තුවට විදුලි පංකා මිලදි ගැනීමේදී සිදුවූ මුදල් වංචාවක් සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළේය.