තලාතුඔයේදී හෙරෙයින් සමග සැකකරුවන් 10ක් අත්අඩංගුවට

තලාතුඔයේදී හෙරෙයින් සමග සැකකරුවන් 10ක් අත්අඩංගුවට

by Staff writer 17-01-2020 | 4:02 PM
COLOMBO (News 1st) : තලාතුඔය, නැහැණිවෙල ප්‍රදේශයේදී හෙරෙයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 542 ක් සමග සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් ගමන් ගත් ත්‍රිරෝද රථයට සිය භාරයට ගත් බවයි. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ජාවාරම් කිරීමෙන් උපයාගත් රුපියල් දෙලක්ෂ තිස්දහසකට අධික මුදලක් ද සොයා සොයා ගෙන තිබේ. සැකකරුවන් අතර කාන්තාවක ද වේ. ඔවුන් මහනුවර, අම්පිටිය, පේරාදෙණිය, අමුණුගම යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.