ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමේ නීති ලිහිල් කෙරේ

ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමේ නීති ලිහිල් කෙරේ

by Staff writer 17-01-2020 | 4:09 PM
COLOMBO (News 1st) : ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම සඳහා පනවා තිබූ නීති ලිහිල් කර තිබේ. ඒ අනුව එම යානා ක්‍රියාත්මක කිරීම සඳහා තවදුරටත් ආරක්ෂක අමාත්‍යාංශ අවසරය අවශ්‍ය නොවනු ඇති. කෙසේ වෙතත් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේ, රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන මර්මස්ථානවල ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කළ නොහැකි බවයි. අදාළ යානා ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශ අවසරය ලබා ගැනීම ඉවත් කළ ද, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය තවදුරටත් ලබාගත යුතු වේ.