චන්ද්‍රිකාගේ සංවිධායක ධුරය ලසන්තට

චන්ද්‍රිකාගේ අත්තනගල්ල සංවිධායක ධුරය ලසන්ත අලගියවන්නට

by Staff writer 17-01-2020 | 12:44 PM
COLOMBO (News 1st): හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, එහි නව සංවිධායකවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පත්කර ඇති බව ය. මේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී විනය විරෝධී ලෙස පක්ෂ මතය ප්‍රකාශ කිරීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයා වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වූ ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන්ට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණ හෙටින් අවසන්වීමට නියමිත වේ. මේ අතර එක්සත් ජාතික පක්ෂය සමග එක් වූ ගාමිණි විජිත් විජයමුණි සොයිසා මහතා සම්බන්ධ විනය පරික්ෂණ ද හෙට අවසන් වීමට නියමිතය.