ඔස්ට්‍රේලියාවේදී ලාංකිකයින් 5ක් අත්අඩංගුවට

ඔස්ට්‍රේලියාවේදී ලාංකිකයින් 5ක් අත්අඩංගුවට

by Staff writer 17-01-2020 | 5:20 PM
COLOMBO (News 1st) : ඔස්ට්‍රේලියාවේ, මෙල්බන් නුවර සොරකම් රැසකට සම්බන්ධ සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනාගෙන් , 5 දෙනෙකු ම ශ්‍රී ලාංකිකයින් බව පොලීසිය පැවසී ය. පසුගිය මාස දෙකක පමණ කාලයක සිට නගරයේ සිදුවූ සොරකම් සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර ඉන්දීය ජාතිකයින් දෙදෙනකු ද සිටින අතර  පොදු ප්‍රවාහන හා සාප්පු සංකීර්ණ ආශ්‍රිත ප්‍රදේශවල මොවුන්  සොරකමේ නිරතව සිට ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් වයස අවුරුදු 25 ත් 38 අතර පසුවන මෙම පිරිස අතර කාන්තාවෝ දෙදෙනෙක් ද වෙති. අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති අතර ලබන අප්‍රේල් 14 වන දින සැකකවරුන්ට එරෙහි නඩුව යළි කැඳවීමට නියමිතයි. මෙම ශ්‍රී ලාංකික සැකකරුවන් සම්බන්ධයෙන් එරට බලධාරින්ගෙන් තොරතුරු අපේක්ෂාවෙන් පසුවන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.