හඬපට නිකුත් වීමත් පසු යුක්‍රේන අගමැති ඉල්ලා අස්වෙයි

හඬපට නිකුත් වීමත් පසු යුක්‍රේන අගමැති ඉල්ලා අස්වෙයි

හඬපට නිකුත් වීමත් පසු යුක්‍රේන අගමැති ඉල්ලා අස්වෙයි

කර්තෘ Staff writer

17 Jan, 2020 | 6:50 pm

COLOMBO (News 1st) : යුක්‍රේන අග්‍රාමාත්‍ය ඔලෙක්සි හොන්චාරුක්, සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ජනාධිපතිවරයා විවේචනය කරන හඬ පට තුනක් නිකුත් වීමත් සමග ඔහු එලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.

ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඇත්තේ ප්‍රාථමික දැනුමක් බව, යුක්‍රේන අග්‍රාමාත්‍යවරයා, එරට මුදල් අමාත්‍යවරයා සමඟ පැවැත්වූ දුරකතන සංවාදයකදී ප්‍රකාශ කර තිබේ.

ඊට අමතරව මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග ද ඔහු ජනාධිපතිවරයා විවේචනය කර තිබේ.

එහිදී යුක්‍රේන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ආර්ථිකය පිළිබඳ මත ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා සුදුස්සෙකු නොවන බවයි.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් සළකා බලන බව ඊට ප්‍රතිචාර ලෙස යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණ.

පාලක ජනතා පක්ෂය සඳහන් කළේ, ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම පිළිගත හොත්, සිය පක්ෂය ද එය පිළිගන්නා බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]