by Staff writer 17-01-2020 | 1:13 PM
COLOMBO (News 1st): අබුඩාබිහිදි සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය සඳහන් කළේ, එම කාන්තාවන් ගමන් ගත් බස් රථය අනතුරට ලක්වීමෙන් ඔවුන් මරණයට පත්ව ඇති බවයි.
අනතුරින් ලාංකික කාන්තාවන් දෙදෙනෙකු ඇතුළුව 6 දෙනෙකු මිය ගොස් තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ සඳහන් කළේ ඔවුන්ගේ සිරුරු මෙරටට ගෙන ඒම සඳහා අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවයි.