by Staff writer 16-01-2020 | 9:27 PM
COLOMBO (News 1st) : සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ MIM හෙවත් මහරාජා ඉන්ස්ටිටුයිට් ඔෆ් මැනේජ්මන්ට්හි පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන්ට සහතික හා ඩිප්ලෝමා ප්‍රදානය අද සිදු කෙරිණ.
විද්‍යුත් මාධ්‍ය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව, රූපවාහිනි හා ගුවන් විදුලි ඉදිරිපත් කිරීම පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව, හා විකුණුම් සහ අලෙවිකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව අවසන් කළ පිරිසට ඩිප්ලෝමා හා සහතික පත් ප්‍රදානය සිදු කෙරුණේ, රත්මලාන ස්ටයින් මැදිරි සංකිර්ණයේදීයි.
දිවයිනේ ප්‍රදේශ රැසකින් තෝරා ගත් තරුණ තරුණයින් 75 දෙනෙකු හට මෙහිදි ඩිප්ලෝමා හා සහතික පත්‍ර ප්‍රදානය කළේ, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී MIM 2019 හොඳම ශිෂ්‍යයාට හිමි රන් සම්මානය හිමිවුයේ රුහාසා ඉර්ෆාන්ටයි.
කැපිටල් මහාරාජා සංවිධානයේ විද්‍යුත් මාධ්‍ය ව්‍යාපාර සමුහ අධ්‍යක්ෂ නීඩ්‍රා වීරසිංහ, නීති හා මානව සම්පත් සමූහ අධ්‍යක්ෂ සුරංග ජයලත්, සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල්, එම්.අයි.එම්. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි චේතනා ලියනගේ යන මහත්ම මහත්මීහු ද ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය ඇමතූහ.
https://www.facebook.com/NewsfirstSL/videos/2467212906852962/