රුසියානු භාරකාර ආණ්ඩුවේ අගමැති ධුරයට නමක් යෝජනා කෙ

රුසියානු භාරකාර ආණ්ඩුවේ අගමැති ධුරයට එරට බදු සේවා ප්‍රධානි මිහායිල් මිෂුස්ටින්ගේ නම යෝජනා කෙරේ

by Staff writer 16-01-2020 | 7:50 AM

COLOMBO (News 1st) : රුසියානු භාරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස එරට බදු සේවා ප්‍රධානි මිහායිල් මිෂුස්ටින්ගේ නම රුසියානු ජනාධිපතිවරයා විසින් යෝජනා කරනු ලැබ තිබේ.

ඒ, රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට සහය පළ කරමින් එරට අග්‍රාමාත්‍ය දිමිත්‍රි මේඩ්වෙඩේව් ප්‍රමුඛ ආණ්ඩුව ඊයේ ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි. එරට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව සිය වාර්ෂික රාජ්‍ය දේශනය සිදු කරමින් රුසියානු ජනාධිපතිවරයා කියා සිටියේය.