මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්නගේ වාර්තාගත 200 වැනි පැරෂුට් පිම්ම

by Staff writer 16-01-2020 | 12:52 PM

COLOMBO (News 1st): යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න මහාතා සිය 200 වැනි පැරෂුට් පිම්ම සාර්ථකව අවසන් කළේය.

ඒ, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ය. ඒ, අනුව මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න මහතා ඉතිහාසයට එක් වන්නේ පැරෂුට් වාර 200 සම්පූර්ණ කළ දකුණු ආසියාවේ එකම හමුදා උසස් නිලධාරියා ලෙස ය. අඩි 14.500 ක් උඩු ගුවනේ සිට ඉතා සාර්ථකව සිය 200 වැනි පැරෂුට් පිම්ම අවසන් කිරීමට මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න මහතා සමත් විය. ඔහු ක්‍රියාන්විත සමයේ යුද හමුදා විශේෂ බලකා අණදෙන නිලධාරියා ලෙස ද කටයුතු කළේය . යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික් ප්‍රධානී මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න මහතා
අපි අඩි 14,500ක් උඩට ගිහිල්ලා මේ පිම්ම කළා, මට මේ අය දුන්නේ වර්ග අඩි 17 වේ ප්‍රමාණය සෆාය කියන ,මම ඇත්තෙන්ම කියනවා නම් වර්ග අඩි 170 වේ ,පැරෂුට් එකකින් පැන්න පළමු අවස්ථාව, ඉතින් ඒක මට කන්ට්‍රොල් කරන්න පුළුවන් වුණා.