by Staff writer 16-01-2020 | 9:56 PM
COLOMBO (News 1st) : හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ පස්වරුවේ ලබා දුන් නියෝගය මහේස්ත්‍රාත් නිල නිවස ඉදිරිපිටදීම විවේචනය කළ නීතිඥ ආශා කහවත්ත මහත්මියට එරෙහිව වහාම විමර්ශනයක් කරන ලෙසට නිතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට අද පස්වරුවේ නියෝග කළේ ය.
නිතිඥ ආශා කහවත්ත මහත්මිය විසින් මාධ්‍ය හමුවේ කළ අදාළ ප්‍රකාශය අධිකරණයේ ස්වාධිනත්වයට කළ බාධාවක් සේම අධිකරණයට අපහාස කිරිමක් බව පෙනී යන හෙයින් එකී නියෝගය නිකුත් කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධි නීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා ය.
එම සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.