ජනපති හදිසියේම කටුනායක තොටුපොළට

ජනපති කටුනායක ගුවන් තොටුපොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

by Staff writer 16-01-2020 | 5:37 PM
COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේ ම කටුනායක ගුවන් තොටුපොළේ සංචාරයක නිරතවිය. කටුනායක ගුවන් තොටුපොළ කාර්ය භාර කළමනාකාරවරයා පැවසුවේ අද පස්වරු 3.45 ට පමණ ජනාධිපතිවරයා එහි පැමිණි බවයි. එහිදී ජනාධිපතිවරයා ගුවන්තොටුපළ මෙහෙයුම් කටයුතු, පහසුකම් සහ මගී සේවා පිළිබඳ නිරීක්ෂණය කර ඇති අතර එහි නිලධාරීන් සහ මගීන් හමුවී කතාබහක ද නිරත ව ඇත. ජනාධිපතිවරයා සමග මෙම නිරීක්ෂණ චාරිකාවට ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා ද එක්ව සිටි බව ගුවන් තොටුපොළ කාර්ය භාර කළමනාකාරවරයා පැවසී ය.