ගෘහස්ත ක්‍රිකට් කණ්ඩායම පළමුවරට එතර තරගයක් ජය ගනී

ගෘහස්ත ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමුවරට එතර තරගයක් ජය ගනී

by Staff writer 16-01-2020 | 8:32 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ගෘහස්ත ක්‍රිකට් කණ්ඩායම පළමු වරට විදෙස් රටකදී තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළේ ය. ඒ එංගලන්තයට එරෙහිවයි. ශ්‍රී ලංකා ගෘහස්ත ක්‍රිකට් කණ්ඩායම එංලන්තයේ තරග සංචාරයක නිරත විය. එම තරගාවලියට තරග 6 ක් ඇතුළත් වේ. ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලිය ජය ගත්තේ තරග 4 ට 2 ක් ලෙසයි. ඔවුන් පළමු තරගය ලකුණු 14 කින් ජය ගත් අතර තුන්වැනි තරගය ලකුණු 12 කින් ජය ගත්තේ ය. සිව්වැනි තරගය ලකුණු 8 කින් ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගාවලියේ ජය තහවුරු කර ගත්තේ අවසන් තරගය ලකුණු 10 කින් ජය ගනිමිනි. දෙවැනි සහ පස්වැනි තරග එංගලන්ත කණ්ඩායම ජය ගත්තේ ය. වසර 20ක ඉතිහාසය තුළ ශ්‍රී ලංකා ගෘහස්ත ක්‍රිකට් කණ්ඩායම විදෙස් රටකදී ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණය මෙයයි.