by Staff writer 16-01-2020 | 4:11 PM
COLOMBO (News 1st) : ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ තරුණයෙකුගේ මළ සිරුරක් අද පෙරවරුවේ සොයා ගෙන තිබේ.
පොලීසීය සඳහන් කළේ, දින කිහිපයක සිට අතුරුදන්ව සිටි තරුණයෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවයි.
මියගොස් ඇත්තේ හැටන් දික්ඔය වත්තේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.