by Staff writer 15-01-2020 | 11:26 AM
COLOMBO (News 1st) - රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරුන්ගේ මාසික දීමනාව රුපියල් ලක්ෂයක් දක්වා සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
එම චක්‍රලේඛයට අනුව අදාළ ආයතනවල සභාපතිවරුන්ට හිමිවන්නේ එක් නිල වාහනයක් පමණයි.
ඊට අමතරව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට ගෙවන මාසික දීමනාව රුපියල් 25,000කට සීමා කර ඇත.
ජනාධිපති ලේකම්වරයා උපදෙස් දී ඇත්තේ, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට නිල වාහන ලබා නොදෙන ලෙසයි.
රජයේ වියදම් සීමා කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජනාධිපතිතුමාගේ නියෝගයකට අනුව ජනාධිපති ලේකම්වරයා අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.