මොරගහකන්ද වේල්ලේ ජල කාන්දුව නතර කෙරේ

මොරගහකන්ද වේල්ලේ ජල කාන්දුව නතර කෙරේ

by Staff writer 15-01-2020 | 10:39 AM

COLOMBO (News 1st) - මොරගහකන්ද ජලාශ වේල්ලේ ඇතිව තිබූ ජල කාන්දුව සම්පුර්ණයෙන් නවතා දැමීමට අවශ්‍ය පියවර ගත් බව මොරගහකන්ද ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජීනේරු ඩී.බී. විජේරත්න මහතා පවසයි.

ඔහු පැවසුවේ, ජලාශයේ ඉදිකිරීම් සිදු කළ චීන සමාගම ජලාශ වේල්ලේ ජල කාන්දුව, අධිපීඩන කොන්ක්‍රීට් යොදා නතර කළ බවයි.