පොලිස් පරීක්ෂකවරයෙකු සිය දිවි හානි කර ගනී

මිරිහාන පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකු සිය දිවි හානි කර ගනී

by Staff writer 15-01-2020 | 10:26 AM

COLOMBO (News 1st) - මිරිහාන පොලීසියට අනියුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අද උදෑසන මෙම සිද්ධිය වාර්තා වූ බවයි. මිය ගිය පොලිස් පරීක්ෂකවරයාගේ සිරුර මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.