ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 15-01-2020 | 6:21 AM

දේශීය පුවත්

1. මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට: හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ. 2. අමෙරිකා, චීන, රුසියා රාජ්‍ය තාන්ත්‍රිකයින් දිවයිනට: ලොව ධනවත් හා බලවත් රාජ්‍ය හතරක ඉහළපෙළේ නියෝජිතයින් සිව්දෙනෙක් ගත වූ පැය 24 තුළ මෙරටට පැමිණියහ. 3. ඉරාජ් වීරරත්න සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයට: ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා පත් කර තිබේ. 4. මන්ත්‍රී රන්ජන්ගේ එජාප සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි: පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ.

විදෙස් පුවත්

5. ටාල් ගිනිකන්දෙන් ලාවා පිටවීම ඇරඹෙයි: පිලිපීනයේ ටාල් ගිනිකන්දෙන් ලාවා පිටවීම ආරම්භ වී තිබේ.