උස්වැවදී ගිනිඅවි සමග සැකකරුවෙකු අත්අඩංගුවට

උස්වැවදී ගිනිඅවි සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 15-01-2020 | 4:21 PM
COLOMBO (News 1st) : අඟුණුකොළපැලැස්ස උස්වැව ප්‍රදේශයේදී ගිනිඅවි සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසීය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව වැටලීම ක්‍රියාත්මක කළ බවයි. එහිදී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, බෙහෙත් කොටන තුවක්කුවක්, බඳින තුවක්කුවක් සහ කඩුවක් සොයා ගෙන තිබේ. 40 හැවිරිදි සැකකරු අද අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.