LTTE තවදුරටත් යුරෝපයේ ත්‍රස්තවාදී සංවිධානයක්

LTTE තවදුරටත් යුරෝපයේ ත්‍රස්තවාදී සංවිධානයක්

by Staff writer 14-01-2020 | 10:40 AM
COLOMBO (News 1st) : යුරෝපා සංගමය විසින් ත්‍රස්තවාදීන් හා ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුව යාවත්කාලීන කරනු ලැබ තිබේ. එම ලැයිස්තුවට එල්.ටී.ටී.ඊ සංවිධානය ද ඇතුළත් වේ. යුරෝපා සංගමය නිකුත් කළ එම ලැයිස්තුවට ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් 15 දෙනෙකුගේ නම් ද ඇතුළත් කර තිබේ. එමගින් තහනම් කර ඇති ත්‍රස්තවාදී සංවිධාන සංඛ්‍යාව 21කි. එම සංවිධාන සහ පුද්ගලයින්ට එරෙහිව සම්බාධක පැනවීමේ අරමුණින් යුරෝපා සංගමය විසින් මෙම ලැයිස්තුව නිකුත් කර තිබේ.