රාජිත සේනාරත්නගෙන් CID යට ප්‍රකාශයක්

රාජිත සේනාරත්නගෙන් CID යට ප්‍රකාශයක්

by Staff writer 14-01-2020 | 3:42 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද ප්‍රකාශයක් ලබාදී තිබේ.

පොලීසිය සඳහන් කළේ, සේනාරත්න මහතාගෙන් අද පෙරවරු 10.00 පමණ සිට සවස 3.30 පමණ වන තෙක් ප්‍රකාශ ගත් බවයි. සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවේ තෙවන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මෙම ප්‍රකාශය ලබාදී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා පසුගිය 27 වන දා නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගැනුණු අතර පසුගිය 30 වන දා ඔහු ඇප මත මුදා හැරිණි. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.