රන්ජන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ගන්නැයි නියෝග

රන්ජන් රාමනායකව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ගන්නැයි නීතිපතිගෙන් නියෝග

by Staff writer 14-01-2020 | 4:23 PM

COLOMBO (News 1st) - හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නියෝගයක් ලබා ගන්නා ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට අද පස්වරුවේ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන දුරකතන සංවාද අනුව රන්ජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරුන්ගේ කටයුතුවලට මැදිහත්වී ඇති බවට කරුණු හෙළිවි තිබීම හේතුවෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 /2 ව්‍යවස්ථාව යටතේ ගැනෙණ වැරදි සිදු කර ඇති බවට ආනාවරණය වී ඇති නිසා නීතිපතිවරයා එම නියෝග කර තිබේ.