බාර්සිලෝනා පුහුණුකරුට ධුරය අහිමිවෙයි

බාර්සිලෝනා පුහුණුකරුට ධුරය අහිමිවෙයි

by Staff writer 14-01-2020 | 8:29 AM
COLOMBO (News 1st) : ප්‍රබල යුරෝපා පාපන්දු කණ්ඩායමක් වන බාර්සිලෝනා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අර්නස්ටෝ වැල්වර්ඩේව එම ධුරයෙන් ඉවත් කර තිබේ. අර්නස්ටෝ වැල්වර්ඩේ බාර්සිලෝනා කන්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයට පත්වූයේ පසුගිය 2017 වසරේදීයි. බාස්ලෝනා කණ්ඩායම පසුගිය තරග වාරවලදී පිළිගත නොහැකි දුර්වල දක්ෂතා පෙන්වීම හේතුවෙන් වැල්වර්ඩේව එම ධුරයෙන් වහා ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව සඳහන් ය. 55 හැවිරිදි වැල්වර්ඩේගේ පුහුණුකාරීත්වය යටතේ බාර්සිලෝනා කණ්ඩායම ස්පාඤ්ඤය ලා ලීගා පාපන්දු ශුරතා ද්විත්වයක් ද දිනා ගත්තේ ය. නිමාවට පත්වූ චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට බාර්සිලෝනා කණ්ඩායම අසමත් වීම හේතුවෙන් මෙලෙස වැල්වර්ඩේව ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වැල්වර්ඩේගේ ඉවත් කිරීමෙන් පුරප්පාඩු වු තනතුර සඳහා පත් කරඇත්තේ, හිටපු ස්පාඤ්ඤය පාපන්දු ක්‍රීඩකයෙකු මෙන්ම රියාල් බෙටිස් කණ්ඩායමේ පුහුණුකරු වූ ක්වික් සෙටියන් ය. 61 හැවිරිදි සෙටියන් ඒ අනුව වසර දෙකාහමාරක කාලයක් සඳහා බාරිසිලෝනා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ගිවිසුම් අත්සන් කර තිබේ.