හැරී-මේගන් ගත් තීරණයට මහ රැජිණත් එකඟ වෙයි

හැරී-මේගන් ගත් තීරණයට මහ රැජිණත් එකඟ වෙයි

by Staff writer 14-01-2020 | 7:01 AM
COLOMBO (New 1st) : බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය ගත් තීරණය සම්පූර්ණයෙන්ම සහය දක්වන බව බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණ පවසයි. කෙසේ වෙතත් ඇය සඳහන් කළේ, හැරී - මේගන් යුවල පූර්ණ කාලීනව බ්‍රිතාන්‍ය රජ පවුල වෙනුවෙන් සේවය කරන්නේ නම් තමන් ඊට වඩාත් කැමති බවයි . බ්‍රිතාන්‍ය සහ කැනඩාව යන දෙරටේම ජීවත් වීමට හැරී - මේගන් යුවළ ගත් තීරණයට ද බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් රැජිණ එකඟත්වය පළ කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට යම්කිසි කාල පරිච්ජේදයක් තමන්ට අවශ්‍ය බවයි . ඉදිරි දින කිහිපයේදී මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ අවසන් තීරණය ප්‍රකාශයට පත්කෙරෙනු ඇති .