by Staff writer 14-01-2020 | 7:10 PM
COLOMBO (News 1st): රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සඳහා සුදුසකම් සහිත පුද්ගලයින් පත් කිරීමේ කමිටුවේ වගකීම වන්නේ අදාළ පුද්ගලයින්ට පත්වීම් සඳහා සුදුසුකම් ඇත්දැයි යන්න පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම පමණක් බව එහි සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.
එහිදී පුද්ගලයින් පත් කිරීමේ බලධාරීන් ඔවුන් නොවන බවත් ඊට අයිතියක් නොමැති බව ත් ඔහු සඳහන් කළේය.
ගොඩහේවා මහතා එම අදහස් පළ කළේ, රාජ්‍ය ආයතනවලට සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කිරීම සඳහා පත් කළ කමිටුවට එල්ලවන විවේචන සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී පිළිතුරු දෙමිනි.
තව ද කමිටුවේ නිර්දේශයන්ට අමතරව පත්වීම් ලබාදීම් සිදු කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
එවැනි පත් කිරීම්වලට ජනතාව සංවේදී වූ අවස්ථාවලදී බලධාරීන් ද ඊට සංවේදී වී එම පත් කිරීම් වෙනස් කරන අයුරු දැකගත හැකි වූ බව ද ආචාර්ය නාලක ගොඩහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.