හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දඬුවම

හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දඬුවම

by Staff writer 13-01-2020 | 11:34 AM
COLOMBO (News 1st) : හෙරොයින් ජාවාරමට වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය. මෙලෙස මරණ දඬුවම නියමවූයේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙකුටයි. හෙරොයින් ග්‍රෑම් 13. 2 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබිණ. එම චෝදනාවන්ට වරදකරු බව නිගමනය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ඔහුට මරණ දඬුවම නියම කළේ ය. 2016 වසරේ අගෝස්තු 22 වන දා මාලිගාවත්ත පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබිණ.