මඩොල්සිම මග හරස් කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක

මඩොල්සිම මාරක බස් අනතුරිය මියගිය අයට සාධාරණය ඉටු කරන්නැයි, ඉල්ලා විරෝධතාවක්

by Staff writer 13-01-2020 | 11:44 AM
COLOMBO (News 1st) : බදුල්ල, පස්සර මඩොල්සිම නගරයේදී ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත විය. ඒ , පසුගියදා එම ස්ථානයේ සිදුවූ බස් රථ අනතුරින් මියගිය පුද්ගලයින්ට හා තුවාල ලැබූවන්ට වන්දි මුදල් ලබා දෙන ලෙස ඉල්ලමිනි. අදාළ මාර්ගයේ ධාවනයට සුදුසු බස් රථ ලබා දෙන ලෙස ද උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ. පසුගිය දා බදුල්ල පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එහිදී තුවාල ලබූ පිරිස 40 කට අධිකයි. පස්සර නගරයේ සිට ඇකිරිය බලා ධාවනයවූ බස් රථයක් එලෙස අනතුරට ලක් විය. මිය ගිය අයට සහ අනතුරින් තුවාල ලැබූවන්ට මෙතෙක් සාධාරණයක් ඉටුවී නොමැති බව උද්ඝෝෂකයෝ ප්‍රකාශ කළහ. https://www.youtube.com/watch?v=U4vLQ6UNrmg