සිරුරු 2ක් සමග තායිලන්ත යානයක් කටුනායකට ගොඩ බස්වයි

Update: ලයන් එයාර් යානයේ සිටි තවත් මගියෙක් රෝහල්ගත කෙරේ

by Staff writer 13-01-2020 | 7:04 AM
COLOMBO (News 1st) 9.30 am:  ලයන් එයාර් ගුවන් යානයේ සිටි තවත් මගියෙකුගේ රෝහල්ගත කර තිබේ. මීගමුව මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ, ඔහුගේ තත්ත්වය ද බරපතළ බවයි. ලයන් එයාර් ගුවන් යානයේ අද අලුයම මියගොස් සිටි මගීන් දෙදෙනාගේ සිරුරු මීගමුව මහ රෝහල වෙත යොමුකර තිබේ. පොලීසිය පැවසුවේ, ඉන්දුනීසියානු ජාතික 64 හැවිරිදි පිරිමි අයෙකු සහ 74 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති බවයි. මගීන් 285 ක් රැගත් ලයන් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද අලුයම 2.45 ට පමණ හදිසියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වනු ලැබී ය. ඒ, සෞදියේ ජෙඩා සිට ඉන්දුනිසියාවේ සුරබයා දක්වා පියාසර කළ ගුවන් ලයන් එයාර් ගුවන් යානයේ සිටි අසනීපවූ මගීන් දෙදෙනෙකුට ප්‍රථිකාර ලබා දීම සඳහායි. කෙසේ වෙතත් ඒ වන විටත් අදාළ මගීන් දෙදෙනා මිය ගොස් සිටි බව පොලිසිය සඳහන් කළේ ය.
COLOMBO (News 1st) 9.00 am: ලයන් එයාර් ගුවන් යානයේ මියගොස් සිටි මගීන් දෙදෙනාගේ සිරුරු මීගමුව මහ රෝහල වෙත යොමුකර තිබේ. පොලීසිය පැවසුවේ, ඉන්දුනීසියානු ජාතික 64 හැවිරිදි පිරිමි අයෙකු සහ 74 හැවිරිදි කාන්තාවක එලෙස මියගොස් ඇති බවයි. මගීන් 285 ක් රැගත් ලයන් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද අලුයම 2.45 ට පමණ හදිසියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබස්වනු ලැබී ය. ඒ, යානයේ සිටි අසනීපවූ මගීන් දෙදෙනෙකුට ප්‍රථිකාර ලබා දීම සඳහායි. කෙසේ වෙතත් ඒ වන විටත් අදාළ මගීන් දෙදෙනා මිය ගොස් සිටි බව පොලීසිය සඳහන් කළේ ය. එලෙස ගොඩබස්වා තිබුණේ සෞදියේ ජෙඩා සිට ඉන්දුනිසියාවේ සුරබයා දක්වා පියාසර කළ ගුවන් ලයන් එයාර් ගුවන් සේවයට අයත් යානයකි. ......................................................................................................................................................................................... COLOMBO (News 1st) 6.00am : ජෙඩායි සිට ඉන්දුනිසියාවේ සුරබයා දක්වා පියාසර කළ තායිලන්ත ලයන් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද අලුයම හදිසියේම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වා තිබේ. ගුවන් තොටුපලේ කාර්ය භාර කළමනාකරු සඳහන් කළේ, මගීන් දෙදෙනෙකු අසනීපවු බව පවසමින් අද අලුයම 2.45 ට එම යානය ගොඩ බස්වා ඇති බවයි. යානයේ සිටි ඔවුන්ට ප්‍රථිකාර ලබා දීම සදහා ගුවන් යානය එලෙස ගොඩ බස්වා තිබෙනවා. කෙසේ වෙතත් යානය ගොඩ බස්වන විටත් එම මගීන් දෙදෙනා මිය ගොස් ඇති බව පොලීසිය පැවසී ය. එලෙස මිය ගොස් ඇත්තේ ඉන්දුනිසියානු ජාතික කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකි.