නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කෙරේ

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කෙරේ

by Staff writer 13-01-2020 | 2:01 PM
COLOMBO (News 1st) : නව සුරාබදු කොමසාරිස් ජනරාල්වයා ලෙස ඒ.බෝදරගම මහතා පත්කර තිබේ. සුරාබදු නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, නව කොමසාරිස්වරයා හෙට දිනයේ දී වැඩ භාර ගැනීමට නියමිත බවයි. සුරාබදු පරීක්ෂකවරයෙකු ලෙස සේවයට එක්වූ ඒ.බෝදරගම මහතාගේ සේවා කාලය වසර 34කි. කළුතර, අම්පාර, නුවර, නුවර එළිය, මාතලේ, කොළඹ වැනි දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කර ඇති බෝදරගම මහතා, 2016 වසරේ දී වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ද සේවය කර තිබේ. දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙකු, සුරාබදු කොමාසිරිස් ජෙනරාල් තනතුරු සඳහා පත්කෙරුණේ වසර 23කට පසුවයි.