තාල් අනතුරුදායක ලෙස විධාරණය වන ලකුණු

තාල් අනතුරුදායක ලෙස විධාරණය වනු ඇතැයි, අනතුරු ඇඟවීමක්

by Staff writer 13-01-2020 | 6:40 AM
COLOMBO (News 1st) : පිලිපීනයේ තාල් ගිනිකන්ද සති කිහිපයක් තුළ අනතුරුදායක අන්දමින් විධාරණය විය හැකි බවට එරට බලධාරීහු අනතුරු අඟවති. ඒ , ඊයේ එම ගිනිකන්ද විධාරණය වීමෙන් පසු ඒ ආශ්‍රිතව දිවි ගෙවන 8000 ක් පමණ පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත්කිරීමට පියවර ගැනීමෙන් පසුවයි . මැනිලා නුවරින් දකුණු දෙසට වන්නට පිහිටා ඇති තාල් ගිනිකන්දෙන් පිටවු අළු සහ දුම කිලෝමීටරයක් පමණ අස දෙසට විහිදුණු බව සඳහන් ය. තාල් සැලකෙන්නේ පිලිපීනයේ සක්‍රියබවින් වැඩිම දෙවන ගිනිකන් ද ලෙසයි . මේ හමුවේ මැනිලා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන්වාර කිහිපයක්ද අවලංගු කෙරිණ. ගිනිකන්ද විධාරණය වීම හමුවේ සුනාමි තත්ත්වයක් හටගත හැකි බවට ද පිලිපීන බලධාරීන් එරට ජනතාවට අනතුරු ඇඟවී ය .