ගෝනුස්සන් 200ක් සමග චීන ජාතිකයෙකු දැලේ

ගෝනුස්සන් 200 ක් මෙරටින් රැගෙන යාමට තැත් කළ චීන ජාතිකයෙකු රේගු භාරයට

by Staff writer 13-01-2020 | 5:02 PM

COLOMBO (News 1st) - ගෝනුස්සන් 200 දෙනෙකු මෙරටින් රැගෙන යාමට තැත් කළ චීන ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ.

රේගුව සඳහන් කළේ, ඔහු චීනයේ ගුවැංෂු නගරය වෙත යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ ඔහු සිය භාරයට ගෙන රේගුව වෙත භාර දුන් බවයි. සිය ගමන්මල්ලේ සඟවා අදාළ ජීවි ගෝනුස්සන් රැගෙන යාමට තැත් කළ අවස්ථාවේදී එම චීන ජාතිකයා ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. රේගුව පවසන්නේ, මෙරටින් ගෝනුස්සන් රැගෙන යාම තහනම් බවයි.