by Staff writer 13-01-2020 | 11:56 AM
COLOMBO (News 1st) : බාලවයස්කාර පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජන කිරීමේ චෝදනාවට වරදකරුවූ ව්‍යාපාරිකයෙකුට අද වසර 30 ක සිරදඬුවම් නියම කෙරිණ.
කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා මෙලෙස දඬුවම් නියම කළේ, කිරුළපන පූර්වාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටයි.
ලිංගක අපයෝජනයට ලක්වූ දරුවාට රුපියල් ලක්ෂ 6 ක වන්දියක් ගෙවන ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය.
එය නොගෙවන්නේ නම් තවත් වසර 6 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරිණ.
රුපියල් තිස් දහසක දඩයක් ද නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා එය නොගෙවන්නේ නම් තවත් මාස 18 ක ලිහිල් සිරදඬුවමක් ද විත්තිකරුට නියම කළේ ය.
2013 හා 2014 යන කාලය තුළදී එම පිරිමි දරුවාට බරපතළ ලිංගික අපයෝජන සිදුකළ බවට විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබිණ.