
ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ තවදුරටත්
ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ තවදුරටත්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අඛණ්ඩව දෙවන දිනයටත් පැවැත්වේ.
ඒ , සිය සතුරා අමෙරිකාව නොව සිය සතුරා ඉරානය තුළම සිටින බව ප්‍රකාශ කරමිනි.
පුද්ගලයන් 176 දෙනෙකුට මරු කැඳවමින් යුක්රේන ගුවන්යානයක් කඩාවැටීමට , අත්වැරදීමකින් යැවූ ඉරාන මිසයිලයක් හේතුවූ බව ඉරාන රජය අවසානයේ පිළිගැනීම , මෙම විරෝධතා ඇරඹීමට හේතුවිය .
මේ හමුවේ ඉරාන අධ්‍යාත්මික නායකයා මෙන්ම සේනාධිනායකයා ද වන අයතුල්ලා අල් ඛමේනි සිය ධූරයෙන් ඉවත්විය යුතු බව විරෝධතාකරුවෝ පවසති.
පොලීසිය බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් මෙම විරෝධතාකරුවන් පලවාහැරි බව සඳහන් ය .
මේ අතර ඉරානයේදී ගුවන් අනතුරින් මියගිය කැනඩා ජාතිකයන් වෙනුවෙන් යුක්තිය ඉටුකරන බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ හැඟුම්බර ලෙස කියා සිටියේ ය .
එම අනතුරින් මියගිය කැනඩා ජාතිකයන් සංඛ්‍යාව 57 කි .
ඉරාන විප්ලවවාදී හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියා සඳහන් කළේ, එම ගුවන් අනතුරින් තම ජීවිතය ද තොරවුවා නම් යහපත් යැයි අනතුර පිළිබඳ දැනගත් අවස්ථාවේ සිතුනු බවයි .
මේ අතර ඉරාකයේ බෑග්ඩෑඩ් නුවරට උතුරු දෙසින් පිහිටි ඉරාක ගුවන් හමුදා කඳවුරකට රොකට් ප්‍රහාර රැසක් එල්ලවිය.
එම කඳවුරෙහි අමෙරිකානු හමුදා සෙබළුන් සිටි බවද සඳහන් ය .
මෙම ප්‍රහාර වලින් සිය සෙබලුන් හතරදෙනෙකු තුවාල ලැබු බව ඉරාක හමුදාව සඳහන් කළේ ය.
- ගිනිගත්හේනේ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්
- අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න…. ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්
- මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය
- ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
- 20යි 20 ලෝක කුසලාන කාන්තා පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව පැරදු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
- භූ කම්පනවලින් මියගිය ගණන 12,000 පනී.. මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද බවට තුර්කි වැසියන්ගෙන් චෝදනා..
- පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට
- ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි – ලංකා ගල්අඟුරු සමාගම කියයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹු වර්ජනය අද උදෑසන 8.00 න් අවසන්
- ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ