by Staff writer 12-01-2020 | 5:08 PM
COLOMBO (News 1st) : විකිණීම සඳහා හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි බන්ධනාගාර නියාමකවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කළුතර අපරාධ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කළ වැටලීමකිනි.
පොලීසිය පැවසුවේ, සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 ක් සිය භාරයට ගත් බවයි.
කළුතර සිට හොරණ දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කළුතර බන්ධනාගාරයට අනියුක්තව සේවය කළ නියාමකවරයෙකි.
52 හැවිරිදි සැකකරු රැඳවියන් සමග එක්ව කලක සිට එම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පැවසී ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.